Showing posts with label poems. Show all posts
Showing posts with label poems. Show all posts

Wednesday, August 24, 2011

දයාබර අම්මේ.....



සිහි කරන්නට ප්ර්‍ථම මතකය කළෙමි තැත්  මම ඔබ ගැන
දිවුණි මතකය දශක දෙකකට පැයට සැතපුම් වේගයෙන් 
දැණුනි මනසට සිනිදු සිතුවිලි  කිරි සුවඳ සහ මුසු වෙමින්
දිටිමි මා පොඩි පැටෙකු විලසින ළී අසෙකු මත සුරතළින්....

දිටිමි මෑතින් සිටිනු ඔබ මා දෙසම නෙත් දෙක යොමුවමින්
මවක් යනු පින් කඳක් බව ඔබ හැඟෙව්වේ මිතුරකු ලෙසින්
එදා මට ඒ දැණුන සෙනෙහස දැනේ අදටත් නොඅඩුවෙන් 
ණය ගැතියි මම ජාති ජාතිත්  ඒ පෙවූ කිරි නාමයෙන්......